Sweetmeats

ආස්මී

Recipe by Suseema

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

60 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

60 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

6

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

* ඇස්ට්‍රා මේස හැදි 02

*රතු කැකුළු සහල් 500g

*දවුල් කුරුදු නානු/බන්ඩක්කා ඉස්ම

*ගාගත් පොල් මිටක්

*සීනි 200g

*කැමති පාටකින් කලරින්

*ලුණු අවශ්‍ය පමණට 

*බැදගැනීමට තෙල්







Instructions

සාදාගන්නා ආකාරය

1.හොදින් පැය 4ක් පමණ පොගවා ගත් සහල් කොටාගෙන පෙනේරයෙන් හලා නැවත සිල්ක් රෙද්දකින් හලාගන්න.

2.පසුව දවුල් කුරුදු වලට ගාගත් පොල් මිට හා වතුර ස්වල්පයක් දමා මිරිකා නානු සදාගන්න.බණ්ඩක්කා ගන්නවා නම් පොඩියට කපා ඉහත ආකාරයටම මිරිකා නානු සාදාගන්න.රෙදි කැබැල්ලක් ආධාරයෙන් මෙය පෙරා කෝප්පයකට දමා ගන්න.

3.හලා ගත් පිටිටික ගෙන එයට ලුණු හා සදාගත් නාණු දමා හොදින් කවලම් කරගන්න.අත ඉහලට ඔසවද්දි වැක්කෙරෙන ගානට පදම හදාගන්න.

4.ඉන්පසුව තාච්චියක් ලිපතබා එය රත් වූ පසු තෙල් වත්කරන්න.තෙල් රත් වූ පසු සිදුරු ඇති පැතලි හැන්දකින් අපි සදාගත් මිශ්‍රණය රවුම් ආකාරයට වමට සහ දකුණට වත්කරන්න.

5.ටික වේලාවකින් හැන්දක් ආදාරයෙන් එය නවාගන්න.දැන් සියල්ලම මේ ආකාරයට සදාගන්න .

6.දැන් සදාගත් ආස්මී මිට්ටියකට දමා රෙදි කැබැල්ලකින් මුට්ටියේ කට බැද සති දෙකක් පපමණ තබන්න.

6.සති දෙකකින් පසු නැවත අවශ්‍ය පමණ ගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

7.සීනි පැණි උණුකර කැමති වර්නයක් යොදා ආස්මියේ උඩ සරසාගන්න.වටේට පැණි දමා ගන්න.

8.සාම්ප්‍රදායික ලෙස ආස්මි හදන ආකරය.උත්සවක් තියේනම් සති දෙක තුනකට කලින් මෙය සුදානමක් කරගන්න ඕනේ


 

Share this recipe / මෙම රෙසිපිය share කරන්න