Recipe by Astra Home Baker Brand Ambassador Shyamali
15 minutes
30 minutes
10
අවශ්‍ය ද්‍රව්‍ය
1.රුලං 1cup
2.ලොකු බිත්තර 1
3.ඩෙසිකේට් 1/2 cup
4.සීනි 1/2 cup
5.යෝගට් 1/2 cup
6.Astra 1/2 cup
7.බේකින් පවුඩර් තේ හැදි 1/2
8.ඔරේන්ජ් එසන්ස් තේ හැදි 1/2
9.වැනිලා තේ හැදි 1
• සීනි සිරප්
1.සීනි 1/2 cup
2.වතුර 1/4 cup
3.දෙහි යුෂ තේ හැදි 1
4.රෝස වතුර තේ හැදි 1
සාදාගන්නා ආකාරය
1.පිරිසිදු භාජනයකට සීනි,බිත්තර එකතු කර ක්‍රීම් එකක් වනතුරු මික්ස් කරන්න (බීට් කිරීමට අවශ්‍ය නැත).
2.එයට යෝගට් දමා මික්ස් කරන්න.
3.Astra මෙල්ට් කර ගන්න (ඩබල් බොයිල් කරගත් Astra).
4.මිශ්‍රණයට Astra එකතු කර මික්ස් කරන්න.
5.එයට වැනිලා,ඔරේන්ජ් එසන්ස්,රුලං,ඩෙසිකේට්,බේකින් පවුඩර් එකතුකර හොඳින් මික්ස් කරන්න.
6.ට්‍රේ එකට තෙල් කඩදාසියක් දමා හෝ Astra හොදින් ගාගෙන බැටර් එක දමාගන්න.
7.180c° විනාඩි 25ක් පමණ බේක් කරන්න.
• සීනි සිරප්
1.සීනි හා වතුර භාජනයකට දමා දෙහි යුෂ,රෝස වතුර දමා පෙන එනතුරු විනාඩි 5ක් පමණ උතුරවාගන්න.ලිප නිවා මදක් නිවෙන්න තබන්න.
බේක් වූ කේක් එක රස්නෙ තිබෙනවිටම ට්‍රේ එකේම කොටු කපාගන්න.එයට සාදාගත් සීනි සිරප් එක හොදින් වත්කරන්න.පැය 2ක් පමණ ගිය පසු කැබලි පරිස්සමින් ගෙන උඩට කුඩු කරගත් ආමන්ඩ් හෝ ඔබට අවශ්‍ය දෙයක් දමා සරසා අවුරුදු කැවිලි මේසයට එකතු කරගන්න ඔබට පුලුවන්.
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි