Sweetmeats

කිරි ටොෆී

Recipe by Fathima

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

60 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

15 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

5

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

  • මිල්ක් මේඩ් ටින් 01
  • වතුර ටින් ½
  • සීනි 500 g
  • ඇස්ට්‍රා මේස හැඳි 01
  • වැනිලා තේ හැඳි 01
  • කුඩාවට කපාගත් කජූ 50 g
Instructions

සාදාගන්නා ආකාරය

  • භාජනයකට මිල්ක්මේඩ් කිරි ටික දමාගන්න.
  • එම භාජනයටම වතුර ටින් භාගයක් එකතු කර හොදින් කලවම් කරගන්න.
  • සීනි එකතු කරන්න.
  • මිල්ක්මේඩ් , සීනි , වතුර, ඇස්ට්‍රා හොඳින් මිශ්‍ර වන සේ කලවම් කරන්න.
  • නොනවත්වා හැඳි ගාමින් මද ගින්නේ රත් කරන්න. 
  • වැනිලා සහ කජු එකතු කරන්න.
  • Nonstick තැටියකට දමා ගනිමින් ඝන වීමට ප්‍රථම අවශ්‍ය හැඩයකට කෑලි කපාගන්න.
  • මිශ්‍රණය නිවී ඝන වන තුරු ඒ ආකාරයෙන්ම තබා ගන්න.
  • සුළං නොවදින භාජනයක අසුරා තබන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න