Sweetmeats

✨ කොකිස් ✨

Recipe by Fathima

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

30 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

5

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කැකුළු හාල් ග්‍රෑම් 300

මිටි කිරි කෝප්ප 2

සීනි මේස හැදි 2 

උණු කරගත් ඇස්ට්‍රා මේස හැදී 2 

බිත්තර 1

ලුණු ස්වල්පයක් 

බැද ගැනීමට තෙල් 

Instructions

සාදාගන්නා ආකාරය

1) හාල් පැයක් පැය 1 1/2 පමණ පෙගෙන්නට තබා කොටා ගන්න .


2) කොටා ගත් පිටි හොඳින් හලා ගන්න .


3) හලා ගත් පිටි ,සීනි ,ලුණු, උණු කරගත් ඇස්ට්‍රා හා බිත්තර භාජනයකට දමා එයට පොල් කිරි ටික ටික එක් කරමින් අනා ඝණ මිශ්‍රණයක් සාදා ගන්න.


4)ගැඹුරු තෙලේ බැදීම සදහා තෙල් රත් කර කර ගන්නා අතර තුර කොකිස් අච්චුවද තෙලේ බහා රත් කර  ගන්න .


5) දැන් රත් කර ගත් අච්චුව පිටි මිශ්‍රණයේ දවටා නැවතත් තෙල් තාච්චියේ ගිල්වා අච්චුවෙන් කොකිස ගැලවී වන තෙක් බැද ගන්න .

 සැ: යු: තෙලේ රත් කර ගත් අච්චුව පිටි මිශ්‍රණයේ දැවටීමේදී අච්චුව සම්පූර්ණයෙන් නොවැසෙන පරිදි දවටා ගත යුතුයි .)


6) අවුරුදු මේසයේදී සතුටින් රස බලන්න 


Share this recipe / මෙම රෙසිපිය share කරන්න