Sweetmeats

ආස්මි

Recipe by Waruni

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

60 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

15

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි ග්‍රෑම් 500

පොල් කිරි අඬු කෝප්ප 2

නානු සාදාගැනීමට දවුල් කුරුඳු කොළ ටිකක්

ලුණු තේ හැඳි 1

පොල් තෙල් බෝතල් 1

Instructions

සාදාගන්නා ආකාරය

1. දවුල් කුරුඳු කොළ හොඳින් කොටා ඉස්ම ටික මිරිකාගන්න.

2. දැන් එයට හාල් පිටි, ලුණු එකතු කර හොඳින් අනාගන්න.

3. එම මිශ්‍රණයට පොල් කිරි ටික ටික දමමින් නූල් ඇදෙන පදමට හොඳින් මිශ්‍ර කරන්න.


4. තාච්චියක් ලිප තබා පොල් තෙල් රත් වූ පසු සිහින් හිල් තිබෙන පොල් කටු හැන්දකින් (ආස්මි වත්කරන හැඳි) එම මිශ්‍රණය ටික ටික පොල් තෙලට දමා බාගෙන බැදෙන විට දෙකට නමා ගන්න.

5. තෙල් බේරෙන්නට හැර පැණි උණුකර ආස්මි උඩට වත් කර ගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න