Recipe by Waruni
35 minutes
10 minutes
15
අවශ්‍ය ද්‍රව්‍ය
තෙත හාල්පිටි ග්‍රෑම් 200
පාන්පිටි ග්‍රෑම් 50
පොල්පැණි බෝතල් 1/2
ගාගත් පොල් කෝප්ප 1
බැදීමට තෙල්
ලුණු
එනසාල් ඇට කිහිපයක්
සාදාගන්නා ආකාරය
1. පැණි කාලක් ලිපේ තියලා උණු වෙනකොට පොල් ටික දාලා ඒකට එනසාල් ඇට දාගන්න.
2. රස අනුව ලුණු දාලා පොල් ටික මලවගන්න.
3. දැන් මේකෙන් පොඩි බෝල හදාගන්න.
4. හාල්පිටි හා පාන්පිටි එකතු කරලා මේකට ඉතුරු පැණි ටික එක්ක ලුණු පොඩ්ඩක් දාලා කැවුම් මිශ්‍රණයක් හදාගන්න. මේක තරමක උකුවට හදාගන්න.
5. තෙල් තාච්චිය ලිපේ තියලා මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා පොඩ්ඩක් තුනීවට පතුරුවන්න.
6. මේක පිපිලා එනකොට සාදාගත් පොල්පැණි ගුලිය තියලා තෙල් හැන්දෙන් තද කරන්න.
7. ඊළඟට මේ කැවුම තෙල් හැන්දෙන් උඩට අරන් හැන්ද උඩ තියාගෙනම පැණිපොල් ගුලිය උඩට කැවුම් බැටර් එකෙන් ටිකක් දාන්න.
8. ආයෙ තෙල් එකට දාලා තෙල් උඩට ඉහමින් රන්වන් පාට වනතුරු බැදගන්න.
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි