Sweetmeats

කොලුකට්ට

Recipe by Waruni

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

50 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

10

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි කෝප්ප 1

වතුර කෝප්ප 1

ඇස්ට්‍රා තේ හැඳි 2

ලුණු රස අනුව


පොල්පැණි මිශ්‍රණයට

පැණි කාලක්

පොල් කෝප්ප 1ක්

කරදමුංගු ඇට දෙකක්

Instructions

සාදාගන්නා ආකාරය

1. වතුර ලිපේ තියලා උණුවෙනකොට ලුණු හා ඇස්ට්‍රා එකතු කරන්න.

2. ටිකකින් පිටි ටික දාලා කලවම් කරන්න.

3. වතුර ගතිය අයින් උනාම ලිපෙන් බාලා හැඳි මිටකින් කලවම් කරගන්න.

4. දැන් මේකෙන් අතේ නොඇලෙන මෘදු ඩෝ එකක් හදලා පොඩි බෝල හදාගන්න. බෝල හදන්න ඝණකම වැඩි නම් උණුවතුර පොඩ්ඩක් දාගන්න. 

5. පැණි කාලක් ලිපේ තියලා උණු වෙනකොට පොල් ටික දාලා ඒකට එනසාල් ඇට දාගන්න. රස අනුව ලුණු දාලා පොල් ටික මලවගන්න.

6. දැන් හදාගත්තු බෝල අල්ලට තියලා තද කරලා පොඩ්ඩක් තුනී කරගන්න.

7. මැදට පොල්පැණි ‍ටිකක් තියලා හොඳට බෝල හදාගෙන විනාඩි 20ක් විතර ස්ටීම් කරගන්න. 

Share this recipe / මෙම රෙසිපිය share කරන්න