Sweetmeats

පනා කැවුම්

Recipe by Kalpana

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

90 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

30

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 500g

පොල් කිරි කෝප්ප 1

ඇස්ට්‍රා මේස හැඳි 3

බිත්තර 1

කහකුඩු ස්වල්පයක් 

සීනි පැණි කිරීම සදහා

සීනි 100 g

වතුර කප් 1

Instructions

සාදාගන්නා ආකාරය

1. මුලින්ම පිටි, බිත්තර, කහකුඩු කලවම් කරලා ඒකට පොල් කිරි, ඇස්ට්‍රා ටික දමා අනාගන්න. අතේ නොඇලෙන ගානට පිටි ගුලියක් ආකාරයට එනතෙක් හොඳින් සකසා ගන්න. (වතුර දාන්න එපා.)

2. පිටි මෝලිය විනාඩි 15ක් පමණ තෙත රෙදි කඩකින් වසා තබන්න.

3. ඉන්පසු ගෑරැප්පුවක් ගෙන එහි පිට පැත්තට පිටි ගුලියෙන් පොඩි කෑල්ලක් අරගෙන තියල තද කරමින් පහළට රෝල් කරන්න. 

4. මේ ආකාරයට රෝල් කර සෑදූ පනා කැවුම් ටික ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න. 

5. භාජනයක් ගෙන වතුර කප් එකට සීනි ටික දාලා මද ගින්දරේ හැඳි ගාන්න.

6. විනාඩි 15ක් පමණ ගියවිට බුබුළු දාලා උඩට එනවා.  ද්‍රාවණය උකු ගතියට එන තෙක් හැඳි ගාන්න. ඒ කියන්නේ නුල් ඇදෙන පදම වනතෙක්. වතුර වීදුරුවකට මේ ද්‍රාවණයෙන් ටිකක් දැමූ විට යටට ගිලෙනවා නම් පදම හරි. 

7. දැන් බැදගත් පනා කැවුම් ටික මේකට දාලා හැඳි ගාන්න. ඉන්පසු ලිප නිවා දමන්න. 

Share this recipe / මෙම රෙසිපිය share කරන්න