Sweetmeats

Astra අලුවා

Recipe by Kalpana

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

30 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

20

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි ග්‍රෑම් 500

සීනි ග්‍රෑම් 500

ඇස්ට්‍රා ග්‍රෑම් 100

මුද්දරස්පලම් ටිකක්

රෝස් එසන්ස් තේ හැඳි 1/2 (අවශ්‍ය නම්)

කරදමුංගු ඇට 2 ක් 

ලුණු ස්වල්පයක් 

Instructions

සාදාගන්නා ආකාරය

1. හාල්පිටි කබලෙ බැදගන්න.

2. තාච්චියකට සීනි හා වතුර කෝප්ප 1ක් දාලා කලවම් කරගන්න.

3. සීනි දියවෙලා පැණි වේගෙන එනකොට ඇස්ට්‍රා ටික දාලා හැඳිගාන්න.

4. කරදමුංගු, ලුණු හා මුද්දරස්පලම් එකතු කරලා රෝස් එසන්ස් දාගන්න.

5. දැන් හාල්පිටි ටික ටික කලවම් කරගන්න. 

6. මිශ්‍රණය ඝණ වේගෙන එනකොට ලිපෙන් බාලා ඇස්ට්‍රා ගාගත් තැටියකට දාලා තුනී කරගෙන උණුවෙන්ම කෑලි කපාගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න