Sweetmeats

පැණි වණ්ඩු

Recipe by W.k.Nadeeke

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

480 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

10

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් පාන්පිටි ග්‍රෑම් 400,
  • පොල්වතුර  හෝ යීස්ට්
  • කුඩ කරගත් හකුරු නැත්නම් සීනි ග්‍රෑම් 250
  • සීනි මේස හැන්දකින් පමණ සාදාගත් කැරමල්
  • පොල් බෑයක මිටිකිරි
  • ආප්ප සෝඩා
Instructions

සාදාගන්නා ආකාරය

  • 01.පොල් වතුර, පාන්පිටි සහ කුඩුකරගත් හකුරු හොදින් කලවම් කරගන්න. ලුනු ටිකකුත් දමන්න. වතුර මදි නම් ඇල් වතුර ටික ටික එක්කර හොඳින් අනා ගන්න. පැය 06 ක් පමණ තබන්න.

    02.කලින් දවසේ රාත්‍රී සූදානම් කර පසුවදා උදේට හදන්න පුලුවන්.

    03.පොල් බෑයක උකු කිරි එකතු කර පැය හයකට පසු උකු මිශ්‍රනයක් හදා ගන්න.   

    04.ආප්ප සෝඩා තේ හැඳි බාගයක් පමන එක්කරන්න. නැවත පැය බාගයක් පමන වසා තබන්න.

    05.ස්ටීමරයේ වතුර හොඳින් නටවන්න.

    06.කැන්ද කොල ගොටු හෝ කැන්ද කොල නැත්නම් කුඩා කෝප්ප කිහිපයකට වත්කර ස්ටීමරයේ දමා තද ගින්දරේ විනාඩි 15ක් 20 ක් ස්ටීම් කරන්න.

    07.පැය 08ඉරටු කැබැල්ලක් වන්ඩුවේ මැදට ඇන තැම්බී ඇද්ද බලන්න. කුඩා කෝප්ප වල හැදුවේ නම් තරමක් නිවෙන්නට හැර ගලවාගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න