Sweetmeats

ෆ්‍රිටර්ස්

Recipe by Ashra

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

60 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

20 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

7

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

*ඇස්ට්‍රා මාගරින් 100g

* පිටි 250g

* කිතුල් හකුරු ද්‍රවණය සදහා ( කිතුල් හකුරු 200g+ වතුර 150ml)

* බිත්තර 2

* බේකින් සෝඩා තේ හැදි 1/2 

* එනසාල් කුඩු තේ හැදි 1/2

* වැනිලා එස්සන්ස් තේ හැදි 1/2 

* පොල් තෙල් 

Instructions

සාදාගන්නා ආකාරය


1)ඇස්ට්‍රා මාගරින් 100g, පිටි, බේකින් සෝඩා සහ එනසාල් කුඩු භාජනයකට දමා හොදට මිශ්‍ර කරන්න. 


2) ඉන්පසු බිත්තර සහ වැනිලා බිංදුවකුත් එකතු කර සාමාන්‍ය ඝන බැටර් එකක් සාදාගන්න.


3) පසුව එම මිශ්‍රණයට සදාගත් කිතුල් හකුරු ද්‍රවණය එකතු කර අනා ඝණ මිශ්‍රණයක් සාදා ගන්න.


4) මෙම මිශ්‍රණය පැයක් වසා පැත්තකින් තබා ගන්න.


5) පැයකට පසු තෙල් තාච්චියක් ලිප තබන්න.


6) හොදින් රත් වූ තෙල් එකට මේ සාදා ගත් බැටරය තේ හැඳි ප්‍රමාණයක් අරන් දමා බැද ගන්න.


7) fitters ටික වේලාවකින් පිම්බෙයි. දිගටම හැඳි ගාන්න. මධ්‍යම ප්‍රමාණයේ රස්නයෙන් බැද ගන්න. කර කර ගාන ප්‍රමාණයට හා රන්වන් පාට වනතුරු බැදගන්න 


8) ගින්දර මධ්‍යම ප්‍රමානයේ තබාගෙන රන්වන් පාට ක්‍රිස්පි ගතියට එනතුරැ පිපෙන්නට හරිලා බැද ගන්න. 


9) ඉන් පසු තෙල් බේරෙන්ට ටිෂු කඩදාසියක දමන්න.


10) තෙල් බේරා ගත් ෆ්‍රිටර්ස් වඩාත්ම රසයක් ගෙන එමට  අයිස්ක්‍රිමි සමග කෑමට ගන්න

Share this recipe / මෙම රෙසිපිය share කරන්න