Recipe by Suseema
40 minutes
10 minutes
60
අවශ්‍ය ද්‍රව්‍ය
ඇස්ට්‍රා 250g,පොල් ගෙඩියක පොල්,කිතුල් පැණි 150ml,සීනි 200g,පාන් පිටි 100g,හාල් පිටි කෝප්ප එකක්,ලුණු තේ හැදි 1,කහ කුඩු අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය
1.මුලින්ම තාච්චියක් ලිපතබා තෙත හාල් පිටි වලින් මිටක් පමණ ඉතිරි කර ඉතුරු හාල්පිටි බැදගන්න.(අතට දැනෙන ප්‍රමානයට වැලි වගේ වෙන තරමට බැදගන්න)
2.ඉන්පසු භාජනයක් ලිපතබා එයට සීනි ටිකක් දමා කැරමල් කරගන්න.කැරමල් වූ පසු වතුර කෝප්පයක් (100ml)දමා බුබුළු දමන තෙක් හැදිගන්න.එයටම කිතුල් පැණිද රස අනුව ලුණුද එක් කර හැදිගාන්න.අනතුරුව ගාගත් පොල් සහ බැදගත් හාල් පිටි එක්කරගෙන හොදින් කවලම් කරන්න.මිශ්‍රණයේ හරි පදම ආ විට තලපයක් සේ හැන්දට ඇලේ.එවිට ලිපෙන් බා ගන්න.
3.ලිපෙන් බා ගත් පොල් පැණි මිශ්‍රණය අවශ්‍ය ප්‍රමාණයේ ගුලි සදාගන්න.
4.බැදගනීමට අවශ්‍ය බැටරය සදාගැනීම සදහා පාන්පිටි සහ මුලින් ඉතිරි කරගත් තෙත හාල්පිටි සමග ලුණු හා කහ සහ වතුර එක්කරමින් උකු මිශ්‍රණයක් සාදාගන්න
5.අනතුරුව තාච්චිය ලිප තබා ඇස්ට්‍රා එක්කර ගන්න.දැන් සාදාගත් බැටරයට මුලින් සදාගත් බෝල දමා රන්වන් පාටවෙන තෙක් බැදගන්න.
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි