Sweetmeats

කිරියා

Recipe by Thushari

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

60 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

20 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

25

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි/කිරියා/කිරි කැකෑරුම්..


මෙන්න ඊයෙ පෝයට හදපු කිරි..(කිරියා)..රසනම් පංකාදුයි..දොදොල් රසටම හැදුව..අමාරුම ඉතින් ලොකු වෙලාවක් හැඳි ගාන එක තමයි..


කළු උනත් දොදොල් රසයි

අවුල් උනත් කිරිය රසයි  කියනවනේ..😘😘


කිරිය කියන්නෙ දකුණු පළාතට ආවේණික කෑමක්..මේවට කිරි/කිරිය/කිරි කැකෑරුම් කියලත් කියනව..මේක හදන්නෙ දෙවියන් උදෙසා කිරි පෝයට..වෙන දවස් වලට හදන්න හොඳ නෑ කියලත් කතාවක් තියෙනවළු..ඒත් ඉතින් අපි නම් හිතුනම හදනව.. its up to you..

    ගෙවල් අස්පස් කරල,හෝදල පිරිසිදු කරන්නත් ඕනෙ.අපිත් පිරිසිදු වෙන්න ඕනෙ.කිරි බත්,කිරි හදල ඉවර වුණාට පස්සෙ පොල් අත්තක් වියල අරගෙන ඒක රවුම් කරල හදාගන්න ගොටුවක,කෙසෙල් කොළ වලින් හදපු පොඩි ගොටු 2ක් හදල කිරි සහ කිරිබත් ඒ දෙකට දාල දෙවියන් 

●හාල් පිටි 1kg(අපිනම් හාල් කොටල තමයි ගන්නෙ.)

[හාල් පෙඟෙන්න තියල පැය 3 ක් 4ක් කොටාගන්න.ඉන්පසු හලාගන්න.]

●හකුරු 1kg

●පොල් ගෙඩි 6 ක කිරි(හොඳ මිටි කිරි)

●සීනි 1kg

●එනසාල්

●වැනිලා ස්වල්පයක්

●වියලි මිදි

●කජු (cashew) හෝ රටකජු

●ලුණු ස්වල්පයක්


Instructions

සාදාගන්නා ආකාරය

■මුලින්ම හාල් ටික කොටාගන්න..පෙනේරයකින් හලා ගන්න.

■කොටාගත් හාල් පිටි තාච්චියක දමා බැද ගන්න.(ඉඳිආප්ප පිටි වලට වගේ.)කර කරගන්න එපා.හැඳි ගාමින්ම මද ගින්නෙ බැද ගන්න.

■පොල් මිරිකා ගන්න..වෙනම තියා ගන්න.

■හකුරුත් සිහින්ව ග්රේට් කරගන්න.නැතිනම් උණු වතුර ටිකක දාල දිය කර ගන්න.

■දැන් ලොකු හට්ටියකට බැදගත් පිටි,සීනි, හකුරු,පොල් කිරි,ලුණු,වැනිලා දමා කලවම් කර ලිපේ තබන්න.හොඳට ගින්දර තියෙන්න ඕනෙ.

■හැඳිගාමින් ම ඉන්න.පැයකටත් වැඩියෙන් හැඳි ගාන්න ඕනෙ.

■ටිකෙන් ටික මිශ්රණය ඝණ වෙනකොට වියලි පළතුරු එකතු කරන්න.

■දිගටම හැඳි ගාන්න.ටිකෙන් ටික මිශ්රණය හට්ටියෙන් වෙන් වෙන්න ගන්නව.තමන්ට අවශ්ය පාට එන්නෙ තෙල් පෑදෙන්නෙ හැඳි ගාන තරමට.ඒ නිසා නොනවත්වාම හැඳි ගාන්න.

■ටිකෙන් ටික ඔයාලට පෙනේවි මිශ්රණය එකතු වෙනව.තෙල් මෝදු වෙනව.

■අන්තිමට තැටි වල දාල තුනී කරගන්න.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න