Sweetmeats

ඇස්ට්‍රා කොකනට් කුකීස්

Recipe by Tharuka

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

20 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

5 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

10

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය


අවශ්‍ය ද්‍රව්‍ය~

 ඇස්ට්‍රා  කුකී එක සදහා~

පාන් පිටි 200g

ගාගත් පොල් කෝප්ප 1 1/2

සීනි 150g

ලුණු තේ හැදි 1/2

ඇස්ට්‍රා මේස හැදි 1


කවරය සදහා~

පාන් පිටි කෝප්ප 1

 පොල් කිරිපිටි තේ හැදි 3

උණුසුම් ජලය කෝප්ප 1

කහ තේ හැදි 1/2

ලුණු තේ හැදි 1/2

වෙනම ගාගත් පොල් බෑයක පොල්

බැද ගැනීමට පොල් තෙල් 200ml 

Instructions

සාදාගන්නා ආකාරය

සාදන ආකාරය ~ 

මුලින්ම බදුනක් ගෙන එයට පාන්පිටි,පොල්,සීනි,බටර් එක්කර හොදින් අනාගන්න බදුනේ නොඇලෙන බෝලයක් ආකාරය. ඉන්පසු එය කුඩා බෝල සාදා අල්ල මත තමා පැතලි හැඩ ලෙස සකසා ගන්න.ඉන්පසු එය වෙනම තබා කවරය සාදා ගන්න වෙනම බදුනක් ගෙන පොල් කිරි පිරි තේ හැදි තුනක් පුරවා එයට මද උණුසුම් ජලය කෝප්පය දමා හොදින් මිශ්‍ර කර එයට පාන් පිටි ටික එකතු කර ගන්න ඉන් පසු එයට කහ ලුණු එක්කර ගන්න හොදින් මිශ්‍ර කර ගන්න.


ඉන්පසු කලින් සකසා ගත් කුකීස් එක බැගින් ගෙන කවරය සාදා ගත් මිශ්‍රනයේ ගිල්වා ඉවතට ගෙන ගාගත් පොල් වල තවරා වෙන වෙනම තබා ගන්න.ඉන්පසු තෙල් තාච්චිය ලිප තබා රන් වන් පාට වෙන්න බැදගෙන කැමති ලෙස පිලිගන්වන්න❤️

Share this recipe / මෙම රෙසිපිය share කරන්න