Sweetmeats

කිරි ටොෆි

Recipe by Udayangani nisansala

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

30 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

60

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

1.මිල්ක් මේඩ් පොඩි ටින් 1 (395g)

2.මිල්ක් මේඩ් ටින් එකෙන්ම සීනී 1

3.මිල්ක්මේඩ් ටින් එකෙන් වතුර 1/4

4.Astra මේස හැඳි 1/2

5.කපා ගත්ත කජු ටිකක් 

6.කරදමුංගු කුඩු ස්වල්පයක් 

7.වැනිලා තේ හැදි 1/2

Instructions

සාදාගන්නා ආකාරය

1.මුලින්ම තැටියකට Astra ගාලා පැත්තකින් තියාගන්න .


2.දැන් සාදාගන්න බාජනයට මිල්ක් මේඩ්, සීනි,වතුර දාලා මද ගින්නේ ලිප තබා  හැඳි ගාන්න.(සීනි හොඳින් දිය වෙන්න ඕනි නිසා තමයි වතුර එකතු කරන්නේ)


3.විනාඩි 10-15ක් පමණ යනකොට

මිශ්‍රණය ටිකක් ඝන වේගෙන එනවා

නොනවත්වාම හැඳි ගාන්න. 


4.දැන් විනාඩි 15කට පසු මිශ්‍රණය බ්‍රවුන් පාටට වෙනස් වෙලා නම් ලිප ඔෆ් කරලා කුඩු කරගත් කරදමුංගු කුඩු සහ Astra මේස හැදි 1/2 දමා හොදින් කවලම් කර වැනිලා ටිකක් එකතු කරන්න.


5.දැන් කජු ටික දාලා හොදින් කවලම් කරන ගමන් ලිප ඔන් කර අඩු ගින්දරේ නොනවත්වා හැඳි ගාන්න .


6.පැය 1/2 යනකොට මිශ්‍රණයේ පදම ආවා.හැන්ද උස්සලා බලන්න මිශ්‍රණය කැඩි කැඩි වැටෙනවා නම් පදම හරි.


7.දැන් ඉක්මනින් Astra ගාගත්ත තැටියට මිශ්‍රණය දාන්න.හැන්දකින් තූනි කරගෙන  ඉක්මනින් කෑලි වලට කපා ගන්න. නැත්නම් ඉක්මනින් හයි වෙනවා.නිවුණට පසු කෑලි වෙන් කරගන්න.


Share this recipe / මෙම රෙසිපිය share කරන්න