Recipe by Astra Home Baker Brand Ambassador
60 minutes
20 minutes
15
අවශ්‍ය ද්‍රව්‍ය
අවශ්‍ය ද්‍රව්‍ය :-
1.Astra මාගරින් 50g (දියකර ගත්)
2. පාන් පිටි 350g
3.බේකිං සෝඩා ¼ tsp
4. ජලය (අවශ්‍ය පමණට)
5. කහ කුඩු ස්වල්පයක්
6.ලුණු කුඩු ස්වල්පයක්
7.ලී කූරූ කිහිපයක්
8.පැණි පොල්(කොළ පාට වර්ණක යෙදූ)
සාදාගන්නා ආකාරය
පළමු පියවර :-
පාන් පිටි,බේකිං සෝඩා,කහ කුඩු,ලුණු කුඩු,Astra මාගරින් (දියකර ගන්නා ලද)හොඳින් මිශ්‍රකර එයට ජලය අවශ්‍ය පරිදි දමා අතෙහි නොයලෙන පදමට පිටි මෝලිය අනාගන්න. පසුව එම පිටි මෝලිය පිපෙන්නට විනාඩි 15 ක පමණ කාලයක් හොඳින් වසා පසෙකින් තබන්න.
දෙවන පියවර :-
පිපෙන්නට තැබූ පිටි මෝලිය ගෙන එයින් කොටසක් කඩා පටියක් ආකාරයට තුනීකර ගන්න.(දිග අතට)ඉන්පසුව තුනීකර ගත් පටිය ලී කූරක කෝන් එකක් ආකාරයට ඔතාගෙන බැද ගෙන නිවෙන්නට පසෙකින් තබන්න.
තුන්වන පියවර :-
නිවෙන්නට පසෙකින් තැබූ කෝන් ගෙන කලින් සාදාගත් පැණි පොල්(කොළ පාට වර්ණක යෙදූ) එම කෝන් ඇතුලට ද යොදා පිටත ගුටියක් ආකාරයට තබා ගන්න.එලෙස සාදා ගත් Astra කැරට් Cons ඔබට පිළිගැන්විය හැක.
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි