Sweetmeats

අලු එලුවං

Recipe by Udayangani nisansala

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

30 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

40

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

* තෙත හාල්පිටි 350g 

* Astra මේස හැදි 2

*ඊස්ට් තේ හැදි 1/2

*මද රස්නේ වතුර ස්වල්පයක් 

*  උකු පොල්කිරි 200ml

*බිත්තර 2ක්

* රස අනුව ලුනු 

* සාදාගත් පැනි පොල්

Instructions

සාදාගන්නා ආකාරය

සාදාගන්න ආකාරය 

  තෙත හාල්පිටි , ලුනු  හා පොල්කිරි මිශ්‍ර කර බැටර් එකක් සදාගන්න. මද රස්නෙ වතුරට ඊස්ට් එකතුකර එයද මෙම මිශ්‍රනයට කලවම්කර පිපෙන්න තබන්න. 


හොදින් ගසාගන්න බිත්තර 2කට පොල්කිරි මේසහැදි 5ක් හා රස අනුව ලුනු එකතුකර මිශ්‍රනයක් සකසා ගන්න

සාස්පානක් ලිපේ තබා තෙල් ස්වල්පයක් තවරාගන්න. එයට හාල්පිටි බැටර් එක රවුමට දමා රොටියක් ලෙස සාදාගන්න .

 ඊට පසුව එයට උඩින් බිත්තර පොල්කිරි බැටර් එක තවරාගන්න...


පසුව පැනිපොල් ටිකක් එහි එක කෙලවරක තබා නිමෙන්න පෙර සාස්පානේ තිබියදීම එම රොටීය දෙකට නමාගන්න. 


දැන් අලු එලුවං පිලියෙලකර අවසන්.. 

Share this recipe / මෙම රෙසිපිය share කරන්න