Recipe by Rasika
30 minutes
30 minutes
60
අවශ්‍ය ද්‍රව්‍ය
අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු හාල් පිටි 500g
උකු පොල් කිරි කෝප්ප 02-( මේ සඳහා වියළි පොල් වඩාත් සුදුසු වෙනවා)
බිත්තර – 01
කහ කුඩු – ½ tsp
ලුණු – 01 TSP
කොකිස් බැදීම සඳහා තෙල්
කහ කුඩු - ½ tsp (Optional)
Astra Butter 🧈 2 🥄
සාදාගන්නා ආකාරය
සාදන ක්‍රමය
මිටි කිරි ටිකට බිත්තරයක් කඩලා දාලා හොඳට කලවම් කරගන්න.
බිත්තරය සමග හොඳට කලවම් වුණාට පස්සේ ලුණු ටිකක් දාන්න. ඔබ කැමතිනම් මේ මිශ්‍රණයටම කහ කුඩු ටිකකුත් දාන්න.
ඔයාලට අවශ්‍ය නම් තවත් බිත්තරයක් මෙම මිශ්‍රණයට කඩල දාන්නත් පුළුවන්. එතකොට අතිරේක රසයක් එකතු වෙනවා.
සාදා ගත් පොල් කිරි මිශ්‍රණය ටිකෙන් ටික පිටි මිශ්‍රණයට එකතු කරමින් හොඳින් අනාගන්න. හොඳින් මතක තබාගන්න පොල් කිරි මිශ්‍රණය පිටි මිශ්‍රණයට එකපාර දමන්න එපා. ටිකෙන් ටික දමා ගනිමින් හොඳින් අනන්න. ASTRA BUTTER 🧈 🥄හැඳි 4 ක් වගේ දිය කර දමාගන්න .
තාච්චියක් ගෙන එය ලිප තබා තෙල් දමා රත් වෙන්නට හරින්න. රත් වූ තෙලේ කොකිස් අච්චුව විනාඩි 5ක් පමණ දමා තබන්න.
කොකිස් අච්චුව සාදාගත් පිටි මිශ්‍රණයට දමා තෙල් තාච්චියෙන් තියන්න.
කොකිස් වල ඝනකම වැඩි නම් තව පොල්කිරි ටිකක් එකතු කරන්න. ලුණු රසය මදි නම් ලුණු ද එකතු කරන්න. අච්චුවෙන් ගැලවෙනවා අඩු නම් තව බිත්තරයක් එකතු කරන්න.
රන්වන් පාටට කොකිස් බැදෙන විට තාච්චියෙන් ඉවතට ගන්න.
Astra අවුරුදු කෑම මේසයට ඔබ එවූ සියලුම රෙසිපි